• ශ්‍රී ලංකාවේ කාල අවකාශය;

    අන්තර් විෂයයික පාඨමාලාව

    මහාචාර්‍ය නිහාල් පෙරේරා

     

    මහාචාර්‍ය නිහාල් පෙරේරාගේ සම්පත් දායකත්වයෙන් සති දොළහක කාලයක් පුරා පැවැත්වෙන ශ්‍රී ලංකාවේ කාල අවකාශය; අන්තර් විෂයයික පාඨමාලාවට  ඔබ සැම සාදරයෙන් පිළිගනිමු!

    Zoom මාධ්‍යයෙන් පැවැත්වෙන දේශන මාලාව සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ.

    2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා පටන් සෑම අඟහරුවාදා සහ බ්‍රහස්‌පතින්දා දිනවල රාත්‍රී 8.00-10.00 (කාල වේලාව ඉක්මවිය හැක) දක්වා දේශන පැවැත්වේ.

    මෙම ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LMS) පාඨමාලාවට අදාළ සාකච්ඡාවන් සම්බන්ධයෙන් ඔබට ඇතිවන ගැටළු, තවදුරටත් අවශ්‍ය වන පැහැදිලි කිරීම්, ඔබගේ අදහස් ඉදිරිපත් කිරීමට නිදහස් අවකාශයක් වන අතර zoom recordings නැවත බැලීම සදහා ද අවස්ථාව ලබා දීමට භාවිතා කෙරෙනු ඇත.

    පාඨමාලාව  සංවිධානය: කොළඹ චින්තන මණ්ඩලය ( Colombo Think Tank ).